පොලිස් පහරදීම්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුක්තිය ඉටු නොවූ සාලියවැව පොලිස් ප්‍රහාරය

  • 2016 සැප්තැම්බර් 3

පුත්තලම සාලියවැව පොලිසියේ නිලධාරීන් යයි පැවසෙන පිරිසක් විසින් පහර දුන් බව කියා සිටින ගැබිණි මවට සාධාරණය ඉටු කරන මෙන් කාන්තා සංවිධාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සවිස්ත්‍රී, කාන්තා ශක්තිය ඇතුළු සංවිධාන කීපයක කාන්තා ක්‍රියාධාරිනියෝ පහර කෑමට ලක් වූ බව පැවසෙන ගැබිණි මවගේ නිවසට ගොස් තොරතුරු විමසූහ.

සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ ක්‍රියාධාරිනියක වන පද්මා පුෂ්පකාන්ති එහිදී කියා සිටියේ අදාළ පහර දීම සම්බන්ධයෙන් පැමිණිලි කොට මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් කිසිඳු පරීක්ෂණයක් සිදු කොට නොමැති බවයි.

'ගැබිණි කාන්තාවකට අමානුෂික ආකාරයට පහර දීම පොලිස් දෙපාර්තමේන්තුවට වසර එකසිය පනහක් සපිරෙන අද දිනයේ අපි දැඩි ලෙස හෙලා දකිනවා.' පද්මා පුෂ්පකාන්ති පවසන්නීය.

පහර දීමට ගොදුරු වූ ගැබිණි මවට සාධාරණය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තරය තුළත් දැනුවත් කිරීම් සිදු කරන බවයි කාන්තා ශක්ති සංවිධානයේ ක්‍රියාධාරිනී රෝහිණී වීරසිංහ කියා සිටියේ.

දේශපාලන සහ නිල බලයක්‌ නොමැති සාමාන්‍ය ජනතාව ඉහත කී ආකාරයේ හිරිහැර ආදියට දිනපතාම මෙන් මුහුණ දෙන බවත් ඇය කියා සිටියි.

සාලිය වැව පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය දැන ගැනීම සඳහා පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසිය ගත් උත්සාහය අසාර්ථක විය.

සබැඳි විෂයයන්