නාමල්ට අයත්ව තිබූ මෝටර් රථයක් FCID භාරයට

  • 2016 සැප්තැම්බර් 5
මීට වසරකට ඉහතදී එම මෝටර් රථය සිය මිතුරකුට අලවි කළ බවයිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ Image copyright Getty Images
Image caption මීට වසරකට ඉහතදී එම මෝටර් රථය සිය මිතුරකුට අලවි කළ බවයිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබූ 'Ford Mustang' වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට හිමි වූ තීරුබදු රහිත වාහන බලපත්‍රය යොදා ගෙන තමන් එම මෝටර් රථය මිළදී ගත් බවයි.

කෙසේ වෙතත් මීට වසරකට ඉහතදී එම මෝටර් රථය සිය මිතුරකුට අලවි කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ.

බැංකු ණයක් ලබා ගෙන තමා එම මෝටර් රථය මිළදී ගත් බවත් මෝටර් රථය පොලිසිය භාරයට ගැනීමට හේතුව කුමක් දැයි තමා නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Image copyright Getty Images
Image caption 2008 වසරේ නිෂ්පාදිත 'Ford Mustang' මෝටර් රථයක්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්