දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක සුනාමි අනතුරු පෙර පුහුණු වැඩසටහන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිස්ත්‍රික්ක දාහතරක සුනාමි පෙරහුරු

  • 2016 සැප්තැම්බර් 7

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුනාමි පෙරහුරු වැඩසටහන පවත්වනු ලැබුවේ අම්බලන්තොට සිසිලසගම සිතාරාම විහාරස්තානයේදීය.

සුනාමි අනතුරු හැඟවීමේ කුළුණ පිහිටි සිසිලස ගම සීතාරාම විහාරස්ථානය ආරක්ෂිත ස්ථානය ලෙස හඳුනාගෙන තිබිනි.

සිසිලස ගම හා ඒ අවට වෙරළ ආශ්‍රිත ගම්මාන වල ජනතාව සුනාමි පෙරහුරුවට සහභාගී වී සිටියහ.

2010 දී පැවැති සුනාමි තත්ත්වයෙන් මෙම ගම්මානය ඇතුළු ප්‍ර දේශ රැසක ජනතාව මිය ගොස් නිවාස හා දේපල රැසක් විනාශ විය.

සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනෙන් සඥාව නිකුත්වීමත් සමගම ගම්මානවල ජනතාව ආරක්ෂිත ස්ථානය ලෙස හඳුනාගෙන තිබූ සිසිලස ගම විහාරස්ථානයට එක් රොක් වන්නට විය.

හම්බන්තොට දිස්ත්‍රික් සුනාමි පෙරහුරු වැඩසටහන හම්බන්තොට අපදාකලමනා කරන මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කල අතර ඒ සදහා අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරින්ද සහභාගි විය .

සුනාමි අනතුරු පූර්ව දැනුම්දීමකදී ප්‍රදේශයේ ජනතාව කුමන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුද . එමෙන්ම ආරක්‍ෂිත ස්ථානයන් කරා තම පවුලේ උදවිය මෙන්ම ගම්වැසියන් සමග සහයෝගයෙන් පිවිසෙන්නේ කෙසේද යන්න පිලිබඳ මෙහිදී පෙර හුරුවක් ලබා දේ.

මෙවැනි අවස්ථාවකදී යම් කිසි අයෙකු හට සිදුවන රෝගාබාධයක් හෝ අනතුරකදී කුමන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව මෙහිදී පෙරහුරුවක් ලබා දෙන ලදී.

සමස්ථයක් වශයෙන් ගත් කළ හම්බන්තොට දිස්ත්‍රික්කය සුනාමි ව්‍යසනයෙන් විශාල හානියක් සිදුවූ දිස්ත්‍රික්කයක්ද වේ.

රටවල් 28 ක් මෙම පෙරහුරුවට එක්වූ බව ආපදාකලමනා කරන මධ්‍යස්ථානය පවසයි.

සුනාමිය සදහා අනතුරු ඇඟවීමක් ලැබෙන්නේ පිටරටින් වන අතර එයට හේතුව වී ඇත්තේ සුනාමි අනතුරු ඇඟවීම සදහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් මෙරට නොමැති වීම බවයි අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පවසා සිටින්නේ.

ඉන්දියානු කලාපිය සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන හරහා ලැබෙන තොරතුරු තාක්ෂණික දත්තයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අපදා කළමනා කරන මධ්‍යස්ථානය වෙත ලබා දෙන අතර ඉන්පසු අදාළ ගම්මාන වල ජනතාව ඉවත්කිරීමේ ක්‍රමවේදය මේ තුලින් සක්‍රිය කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කර සිටි .

ජාත්‍යන්තරව ආරම්භ වී ගම්මාන දක්වා යන පූර්ව දැනුම්දීමේ ක්‍රියා පද්දතියේ දුර්වල තාවයක් ඇත්ද යන්න හදුනා ගෙන එය ශක්තිමත් කිරීම මෙම පෙර පුහුණු වැඩසටහනේ මුලික අරමුණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ .