ශ්‍රී ලංකා-බංග්ලාදේශ වීසා අවුලක්

  • 2016 සැප්තැම්බර් 15
Image caption 'වීසා පහසුකම අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ ආගමන විගමන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා'

බංග්ලාදේශ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපලේදී ම වීසා ලබා දීමේ ක්‍රමය යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

බංග්ලාදේශ ජාතිකයන්ට කොළඹ ගුවන්තොටුපලේදී වීසා ලබා දීම දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව නතර කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශය ද එම පහසුකම ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම අත්හිටුවන ලදී.

මේ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් බීබීසීය විමසූ විට කියා සිටියේ ඉහත කී පහසුකම අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ ආගමන විගමන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බවයි.

කෙසේ නමුත් එය නැවත යථා තත්වයට පත් කරන ලෙස ආගමන විගමන පාලකයාට තමා දැනුම් දුන් බවයි ඔහු බීබීසීයට ප්‍රකාශ කළේ.

මෙම ගැටලුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නිරවුල් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර