සමූහ මිනීවලක් ගැන වීරවංශ: 'දේශද්‍රෝහී කථාවක්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමූහ මිනීවලක් ගැන වීරවංශ: 'දේශද්‍රෝහී කථාවක්'

  • 2016 සැප්තැම්බර් 17

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කර ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා වත්මන් ආණ්ඩුව, ආරක්ෂක හමුදා මෙන්ම පසුගිය ආණ්ඩුවත් දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටින අවස්ථාවක උතුරේ සමූහ මිනීවළක් පිළිබඳව කථාකරන කවරකු වුවත් 'දේශයේ සහ රණවිරුවන්ගේ සතුරකු' බවයි, අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ යුද්ධයේ අවසාන භාගයේදී මරා දැමුණු එල්ටීටීඊ සාමාජිකයන්ගේ මළසිරුරු වළලන ලද ස්ථානයක පිහිටා තිබුණු හමුදා කඳවුරක් ළඟදී ඉවත්කරන ලද බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් හමුවේ කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාරය පළකරමින්.

වැඩි විස්තර සමූහ මිනීවලක් ගැන වීරවංශ: 'දේශද්‍රෝහී කථාවක්'