මොනරාගල
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නියගයෙන් පීඩා විඳින මොනරාගල වැසියෝ

  • 2016 සැප්තැම්බර් 18

නියඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කීපයක පානීය ජල ගැට‍ළුවක් පවතින බව වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ ඉහත කී ගැට‍ළුවට මුහුණ දී සිටින ජනතාවට පානීය ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

ජලය නොමැතිකම හේතුවෙන් දිස්ත්‍රික්ක කීපයක වගා පාළු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මොනරාගල දිස්ත්‍රික්කයට අයත් තනමල්විල ඇතුළු ප්‍රදේශවල ජනතාව පවතින ජල ගැට‍ළුව හේතුවෙන් දැඩි පීඩාවකට පත් වී සිටින බවයි බීබීසී සිංහල සේවය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්නමාල් ජයමාන්න වාර්තා කළේ.

පානීය ජල ගැට‍ළුවට අමතරව සිය වගා විනාශ වීම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්වයකට පත් වී ඇති බව පවසන එම ජනතාව නියං සහනාධාරයක් ලබා දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

නියඟය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් පවුල් 6000 ක් පමණ පීඩාවට පත් වී සිටින බව ඇස්තමේන්තු කෙරේ.

සබැඳි විෂයයන්