දුම්වැටි මිල ඉහළට

  • 2016 ඔක්තෝබර් 4
දුම්වැටි මිල ඉහළට Image copyright Getty Images

දුම් වැටියක මිල රුපියල් හතකින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඒ අනුව අදාළ මිල වැඩි කිරීම ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි මුදල් ඇමතිවරයා කියා සිටියේ.

දුම් වැටි මිල ඉහළ නංවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ මිල වැඩි කිරීම සිදු කොට තිබේ.

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සංශෝධිත වැට් බදු කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර