champika_int_part2
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය 'බත්තරමුල්ලේ'

  • 2016 ඔක්තෝබර් 7

2020 වසර වන විට කොළඹ නගරෙය් පිහිටි රජයේ සියළු ප්‍රධාන ආයතන බත්තරමුල්ල ප්‍රදේශයට ගෙනයාමට රජය සැලසුම් කර තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, රජයේ මෙගා පොලිස් සංවර්ධන සැලැස්ම ගැන බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ පැවති සාකච්ඡාවකදී.

බත්තරමුල්ල ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය බවට පත්කිරීමට 80 දශකයේ ගත් තීරණය ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙගා පොලිස් සංවර්ධන සැලැස්ම අනුව ගොඩනැගෙන නගර, හම්බන්තොට මෙන් 'අවතාර නගර' නොවන බව පැවසූ අමාත්‍ය චම්පික රණවක, නිසි ආර්ථික සැලැස්මක අනුව එම නගරගොඩනැගෙන බව අවධාරණය කළේය.

(අමාත්‍යවරයා සමඟ සාකච්ඡාව ඉහත වීඩියෝවෙන් නරඹන්න)