ශ්‍රී ලංකාවට 'යුරෝ කෝටි 21 ක ආධාර'

  • 2016 ඔක්තෝබර් 18
බෙල්ජියමයේ නිල සංචාරයක යෙදී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා කවුන්සිලයේ ප්‍රධානී ඩොනල්ඩ් ටස්ක් Image copyright Getty Images
Image caption බෙල්ජියමයේ නිල සංචාරයක යෙදී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා කවුන්සිලයේ ප්‍රධානී ඩොනල්ඩ් ටස්ක්

ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් 2020 වසර දක්වා යුරෝ කෝටි 21 ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පොරොන්දු වූ බව අගමැති කාර්යාලය පවසයි.

එම ආධාර මුදල 2007 වසරේ සිට 2013 වසර දක්වා යුරෝපා සංගමය ලබා දුන් ආධාර මුදල මෙන් දෙගුණයක් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තිරසාර සාමය ස්ථාපිත කිරීම, ඇවැතැන්වූවන් යළි පදිංචි කිරීම සහ දිළිඳු ප්‍රදේශ සංවර්ධනය කිරීම පිණිස යුරෝපා සංගමය මෙම ආධාර ලබාදෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

GSP+ තීරු බදු සහනය නැවත ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ මේ දිනවල බෙල්ජියමේ සංචාරයක නිරතව සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්