'සාධාරණය ඉටුවී නෑ': යාපනයේ ශිෂ්‍යයෝ විරෝධතාවයක

  • 2016 ඔක්තෝබර් 31

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළුවිය හැකි සියලු ගේට්ටු වැසූ එම විශ්ව විද්‍යාලයේ සිසුහු අද (ඔක්. 31) විරෝධතා ව්‍යාපාරයක් ඇරඹූහ.

පොලිස් වෙඩි පහරින් මියගිය සිසුන් දෙදෙනා වෙනුවෙන් මෙතෙක් සාධාරණය ඉෂ්ඨවී නැති බව ඔවුහු පවසති.

සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ ඉතා ඇල්මැරුණු ස්වරූපයක් පෙන්වීම සහ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙසේ විරෝධතාවයක් ඇරඹූ බව සිසුහු පවසති.

විශ්ව විද්‍යාලයේ ගේට්ටු සියල්ල වසා ඇති බැවින් කිසිවකුට එහි ඇතුළුවීමට නොහැකි අතර දේශන ද පැවැත්විය නොහැකි විය.

සබැඳි විෂයයන්