ශ්‍රී ලංකික තාක්‍ෂණ ශිල්පියෙකුගෙන් නව ශක්තිජනන ක්‍රමවේදයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලාංකිකයාගේ නව සොයාගැනීමට පේටන්ට් බලපත්‍රයක්

  • 2016 නොවැම්බර් 9

ශ්‍රී ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල බලශක්ති උත්පාදනය සඳහා දිය ඇල්ලකින් හෝ ගංගාවක් හරහා බැඳී වේල්ලකින් පහලට කඩා හැලෙන ජලධාරාවක ශක්තිය උපයෝගී කරගනු ලබයි.

මෙහිදී සිදුවන්නේ ජල පහරේ ශක්තිය යොදාගෙන ‘ටර්බයිනයක්’ කරකැවීමට සලස්වා ඒ මගින් විදුලිය හෝ වෙනත් බල ශක්තියක් ජනනය කර ගැනීමය.

නමුත් එම ක්‍රමයේදී විශාල ප්‍රමාණයක් ජලය අපතේ යෑම මෙන්ම නියඟයක් පවතින කාලවලදී ජල දහරා සිඳී යාමෙන් ශක්ති ජනනයට බාධා පැමිණීම ද සිදුවේ.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස නව ආකාරයක ශක්තිජනක බලාගාරයක සැළසුමක් ශ්‍රී ලංකික තාක්‍ෂණ ශිල්පියෙකු වන රූපසිංහ මල්ලව විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.

වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු ද වන කෑගල්ල, ගලිගමුව, හරිගල ප්‍රදේශයේ පදිංචි රූපසිංහ මල්ලව පවසන්නේ තම නිර්මාණය මගින් අඩු ජලධාරිතාවකින් විදුලිය හෝ වෙනත් බලශක්තියක් නිපදවිය හැකි බවය.

රූපසිංහ ගේ නව යන්ත්‍රයේ පිස්ටන් ක්‍රියාකරවීම සඳහා තෙරපුම් බලය ලබා ගැනීමට ඉහළින් සවිකළ කුඩා ජල ටැංකියක් යොදාගෙන තිබුණද ජලය පමණක් නොව ග්‍රීස් වැනි වෙනත් අර්ධ ද්‍රවයකින් තිරස්ව යොදන තෙරපුම් බලය මත ක්‍රියාත්මක වීමට එයට හැකියාව ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ තාක්ෂණික නිර්මාණය සඳහා ‘පේටන්ට්’ බලපත්‍රය ද ලබා ගෙන ඇති ඔහුගේ බලාපොරොත්තුව වන්නේ මෙම සැලැස්ම වැඩිදියුණු කොට මහා පරිමාණ බලශක්ති අවශ්‍යතා සඳහා යොදාගැනීමය.

රූපසිංහ මල්ලව තම නිර්මාණය විස්තර කරන ආකාරය ඉහත වීඩියෝවේ දැක්වේ.