ගාලු කොටුවේ ගිලා බැස්මක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගාලු කොටුවේ ගිලා බැස්මක්

  • 2016 නොවැම්බර් 13

ගාල්ල කොටු පවුර ආසන්නයේ අඩි අටක පමණ විශ්කම්භයෙන් යුත් අඩි 15 - 20 ක් පමණ ගැඹුරු අගාධයක් නිර්මාණය වී තිබේ.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ භූගත උමං මාර්ගයක සිටුවා තිබූ ආරුක්කුවක් වෙනස්වීම නිසා ඊට ඉහළින් යොදා තිබූ පස් ගිලා බැසීමකට ලක් වී ඇති බවට ප්‍රදේශවාසීහු සැක පහළ කරති.

ගාලු කොටු පවුර වටා භූගත උමං මාර්ග ඇතුළු ශාලා සහ කාමර පද්ධතියක් ඇති බව ඇතමුන්ගේ විශ්වාසයයි.

කොටුව නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව පිණිස අවදානම් ප්‍රදේශය ආවරණය කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු බලධාරීන් විසින් තාවකාලික ආරක්‍ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගනු ලැබ ඇත.

2004 වසරේ සුනාමි රළ පහර පැමිණීමෙන් පසුවත් මීට සමාන ගැඹුරු අගාධයක් කොටු පවුර ආසන්නයේ වෙනත් ස්ථානයක ඇති වී තිබිණි.

කාලගුණ තත්වය යහපත් වූ පසු කොටු බැම්මේ සංරක්ෂණ කටයුතු ඇරඹීමට නියමිත බව පුරාවිද්‍යා බලධාරීහු පවසති.

1588 වසරේදී පෘතුගීසි විසින් ඉදිකරන ලද ගාලු බලකොටුව 17 වන සියවසයේදී ලන්දේසි විසින් නවීකරණය කරන ලදී.

සබැඳි විෂයයන්