ජනපති වෙබ් අඩවිය 'හැක්' කළ සිසුවාට ජනපතිගෙන් තිළිණයක්

  • 2016 නොවැම්බර් 17
Image caption "තමන් විසින් ම එකළස් කරගන්නා ලද පරිගණකයක්"

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමේ වරදට පරිවාසභාරයට පත්කර සිටින පාසල් සිසුවා අද (නොවැ.17) ජනාධිපති කාර්යාලයට කැඳවීය.

එම ශිෂ්‍යයාගේ සුව දුක් විමසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට විශේෂ තිළිණයක් ද පිරිනමා ඇත.

'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන සම්බන්ධයෙන් අද පැවැති විශේෂ සාකච්ඡාවකට සමගාමීව එම ශිෂ්‍යයා ජනාධිපති කාර්යාලයට කැඳවා තිබිණි.

තමන්ගේ පරිගණකය

තමන් පරිහරණය කරනු ලබන්නේ තමන් විසින් ම එකළස් කරගන්නා ලද පරිගණකයක් බව පෙන්වා දුන් එම දරුවා තම පවුලේ සාමාජිකයින් මුහුණ දී සිටින නිවාස ගැටලුව ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.

එම ශිෂ්‍යයා දෙමාපිය රැකවරණ යටතේ වසර 3 ක කාලයක් සඳහා දැනට පරිවාස භාරයට පත්කර ඇත.

එබැවින් අදාළ නීතිමය කටයුතු කඩිනම්කර ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය පසුබිම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර