විමල් කුමාර ද කොස්තා දිවියෙන් සමුගනී

  • 2016 නොවැම්බර් 20
Image copyright Lake House
Image caption සිංහල සිනමාවට නොමැකෙන මතක සටහන් රැසක් එක් කළ විමල් කුමාර ද කොස්තා

ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත විය.

වේදිකාව මෙන්ම සිනමාව ද ජයගත් ජනප්‍රිය චරිතාංග නළුවෙකු වූ විමල් කුමාර ද කොස්තා පසු කාලීනව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද පිවිසියේය.

ඔහු මියයන විට හැට අටවැනි වියේ පසු විය.

නොමැකෙන මතක සටහන්

සිංහල සිනමාවට නොමැකෙන මතක සටහන් රැසක් එක් කළ විමල් කුමාර ද කොස්තා රංගනයෙන් දායක වූ චිත්‍රපට අතුරින් බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලය වැනි සිනමා නිර්මාණ තුළ ඔහු පණපෙවූ චරිත අතිශය ජනාදරයට පත් විය.

කොරා සහ අන්ධයා, හිත හොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරයෝ සහ දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය තුළින් ඔහු විදහා පෑ රංගන කුසලතාව ප්‍රේක්ෂක විචාරක ඇගයීමට ලක් විය.