'රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබුනත් ජනතාවට සේවය කරන්න බලය දෙන්නේ නෑ'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"රාජ්‍ය ඇමති වුනත් බලයක් නෑ"

  • 2016 නොවැම්බර් 22

ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබුනත් ධීවර ජනතාවට සේවය කිරීමට තමන් වෙත වගකීමක් හෝ බලයක් පවරා නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (නොවැ 22) පැවති කොරියන් ධීවර සමූපකාර සංවර්ධන අරමුදලේ ආධාර යටතේ අම්බලන්තොට කලමැටිය ඉදි කෙරෙන ධීවර ගම්මානයකට මුල් ගල් තැබීමේ උත්සවයට එක් වෙමින්.

ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සහ කොරියන් ධීවර සමූපකාර සම්මේලනයේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මුල් අදියරේ නිවාස 25ක් ඉදි කිරීමට නියමිතයි.