'කරුණා' අත්අඩංගුවට

  • 2016 නොවැම්බර් 29
කරුණා Image copyright Getty Images

පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයකු මෙන්ම හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

වෙඩි නොවදින රජයේ වාහනයක් අවභාවිත කිරීමේ සම්බන්ධයෙන් නැගුණු චෝදනාවකට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරුණා අම්මාන් (අද නොවැ.29) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි.

ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුවයි.

අද දිනය ඇතුළත ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.

රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගියදා සොයා ගනු ලැබූ අතර එය විනායගමූර්ති මුරලිදරන් හිටපු ඇමතිවරයා භාවිතා කළ රථයක් බව විශ්වාස කෙරේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්