ෆිදෙල්ගේ අවසන් කැමැත්තට අනුව සියල්ල නිමා විය!

  • 2016 දෙසැම්බර් 4
Image copyright Getty Images
Image caption ෆිදෙල් 1950දී චේ ගුවේරා සමඟ

කියුබානු විප්ලවයේ අභීත ගිනි සිළුව යන විරුදාවලිය ලත් ෆිදෙල් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ තැන්පත් කැරුණු අවස්ථාවට පවුලේ ඥාතීන්ට අමතරව සහභාගීවී සිටියේ ආරාධිතයන් අතලොස්සක් පමණි.

එය එසේ වී නමුදු සන්තියාගෝ නුවරට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඒකරාශී වී සිටි අතර භෂ්මාවශේෂ රැගත් රිය පෙරහැර ගමන් කළ මග දෙපස එක පෙළට ජනතාව වීදි බැස සිය විප්ලවීය නායකයාට අවසන් ගෞරව දක්වමින් සිටියහ.

Image copyright Reuters
Image caption "මම ෆිදෙල්.... මම ෆිදෙල්...."

ෆිදෙල්ගේ භෂ්මාවශේෂ තැන්පත් කෙරුණේ කියුබානු නිදහස් සටනේ වීරයෙකු වූ හොසේ මාටි ගේ සොහොන් ගැබට යාබදවය.

ඒ සමඟම දින නමයක ශෝක කාලයද නිමාවට පත්විය.

ෆිදෙල් කැස්ත්‍රෝගේ අන්තිම කැමැත්ත සහ ඊට ගරු කරමින් අවසන් කටයුතු සිදුවුණු ආකාරය පිළිබඳව බීබීසී සංදේශය කළ විමසුමක හඬ පටයට ඉහතින් සවන් දිය හැකිය.