පොලිස්පති සහ 'සර්': පොලිස් කොමිසමේ විශේෂ රැස්වීමක්

  • 2016 දෙසැම්බර් 4
පොලිස්පති සහ 'සර්': පොලිස් කොමිසමේ විශේෂ රැස්වීමක්

ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් සිටින අතරවාරයේ, පොලිස්පති පූජිත් ජයසුන්දර 'සර්' නමින් හැඳින්වූ පුද්ගලයකුට දූෂණ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජාතික පොලිස් කොමිසම සඳුදා විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

පොලිස්පතිවරයාගේ එම දුරකතන ඇමතුම රට පුරා මහත් ආන්දෝලනයකට ලක් විය.

ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ජාතික පොලිස් කොමිසම ඉදිරි පියවර සම්න්ධයෙන් ආණ්ඩුවට සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බවත් බීබීසී සංදේශයට දැනගන්නට ලැබිණ.

පොලිස්පතිවරයාට එම දුරකතන ඇමතුම ලබා දී තිබෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක විසින් බව අගමැති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා පාර්ලිමේන්තුව හමුවේ පිළිගත්තේය.

ජනපති සහ අගමැති මතය

තමන් එහි වරදක් නොදකින බව අගමැතිවරයා සඳහන් කළත්, පොලිස්පතිවරයා හැසිරුණු ආකාරය වැරදි බවත්, ඒ පිළිබඳව ඔහුගෙන් කරුණු විමසන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.

ස්වාධීන පොලිස් කොමිසම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීමෙන් අනතුරුවත් පොලිසියට තවමත් එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳව ජාතික පොලිස් කොමිසමේ ප්‍රසාදයක් නොමැති බවත් සංදේශයට අනාවරණය වේ.

පොලිස්පතිවරයාගේ දුරකතන ඇමතුම පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කිහිපවරක්ම ප්‍රශ්න කළ අතර, ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කැඳවන බව කතානායක කරු ජයසූරියද සඳහන් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර