බන්දුල
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වරාය නගරය: සින්නක්කරයට ලබා දීම ගැන "බන්දුල විග්‍රහය"

  • 2017 ජනවාරි 10

පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව ඉන් කොටසක් අදාළ ඉදිකිරීම් සිදු කරන චීන සමාගමට සින්නකරව ලබාදීමට ඇතිකර ගෙන තිබූ එකඟතාව පිළිබඳ එවකට මහත් ආන්දෝලනයක් ඇතිවිය.

ඉන් පසු බලයට පත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කියා සින්නකක්ර ඉඩම් ලබා දීමට ඇති කරගෙන ඇති එකඟතාවට සිය රජයේ අනුමැතිය නොලැබෙන බවය.

ඒ අනුව පැරණි ගිවිසුම අත්හිටුවා නව ගිවිසුමක් හරහා එම ඉඩම 99 වසරක බද්දට ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය.

කෙසේ වෙතත් අද (ජන.10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන දිගින් දිගටම අවධාරණය කළේ තම රජය සින්නක්කර ඉඩම් ලබාදීමට කටයුතු නොකළ බවය.

ඒ පිළිබඳ පිළිබඳව කොළඹ වරාය නගරය ඉදිකරනු ලබන සමාගමෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔවුන් ද තහවුරු කළේ පසුගිය රජය සමයේ අත්සන් කළ මුල් ගිවිසුමෙන් තම සමාගමට සින්නක්කර ඉඩම් ලබාදීමට එකඟතාවක් තිබු බවය.

අද පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට විරෝධතා පැවැත්වීම තහනම් කර අධිකරණ නියෝගයක් පනවා තිබූ බව තමන් දැන නොසිටි බවය.