ඇඟලුම් කර්මාන්තයෙන් ඔබ්බට රට ගෙන යනවා - රනිල්

Image caption පසුගිය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ සමාජය තුළ යහපත් තත්වයක් නොතිබීම හේතුවෙන් ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමිවූ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය

ඇඟලුම් කර්මාන්තයෙන් ඔබ්බට රටේ නිෂ්පාදනය ගෙන යාමේ පියවරක් ලෙස, තමා අගමැති වශයෙනුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වශයෙනුත් සිටි 2003-2005 කාලය තුළදී යුරෝපා සංගමය සමග එකතුවීමට තීරණය කළ බව අගමැතිවරයා පැවසීය.

1977 එජාප රජය ඇතිකළ නව ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ ඇඟළුම් කර්මාන්තය ආරම්භ කළ නමුත් සපත්තු නිෂ්පාදනය, විදුලි උපකරණ නිෂ්පාදනය හෝ බෑග් නිෂ්පාදනය වැනි කර්මාන්ත ආරම්භකිරීමට නොහැකිවූයේ උතුරේ පැවති යුද්ධය හේතුවෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (12) ගාල්ලේ විහාරස්ථානයක පැවති උත්සවයක් අතරේදීය.

යුරෝපීය වෙළෙඳපො

2014 සහ 2015 කාලයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරියේ තබාගෙන තමා ජනතාවට නැවතත් පැවසුවේ යුරෝපීය වෙළෙඳපොළට සම්බන්ධවීමට බලාපොරොත්තුවන බව යැයි කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා පියවර ගත්බව ද පැවසුවේය.

"මානව හිමිකම් ප්‍රගතිය ගැන මංගල සමග සාකච්ඡා කළා"

GSP+ සහනය නැවත දීමට යුරෝපා කොමිසම යෝජනා කරයි

"මම මැයි මාසෙ ගියා අපේ කණ්ඩායමක් එක්ක බ්‍රසල්ස් නුවරට ගිහිං යුරෝපා සංගමය එක්ක කතා කරන්න, අපිට ජී එස් පී ප්ලස් කියන ඒ යුරෝපීය සංගමයේ සහන ලැබිල තීරුබදු රහිතව අපේ භාණ්ඩ ඕන එකක්, ඇඟලුම් විතරක් නෙවෙයි, මේ යුරෝපා සංගමයේ වෙළඳපලට ආපහු ඇතුල්කරන්න අයිතිය ආපහු ලබාගන්න. ඒ කියන්නෙ මිලියන පන්සියයයක වෙළඳපලට ආපහු ඇතුල්වෙන්න" යනුවෙන් පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ එය ලැබුණු බව දැනුම් දී ඇතැයි ද සඳහන් කළේය.

නීතිය ක්‍රියාත්මක වීම

පරිසරය ආරක්ෂා කිරීම, කාන්තාවන්ට සහ දරුවන්ට හොඳින් සැලකීම, නීතිය ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සිදුවීම, යන කරුණු සළකා බලා එවැනි රටවලට පමණක් යුරෝපීය වෙළෙඳපොළ විවෘතකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

පසුගිය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ එවැනි තත්වයක් නොතිබීම හේතුවෙන් ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමිවූ බව අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර