AH1N1 ආසාදිත තවත් පස්දෙනෙකු මහනුවර රෝහලේ

Image caption එක් රෝගියෙකු දැඩි සත්කාර ඒකකයේ

AH1 N1 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් පස් දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව රෝහල් බලධාරීහු පවසති.

එම රෝගීන් පස්දෙනාගෙන් එක් රෝගියෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක බීබීසී සංදේශයට පැවසීය.

තිදෙනෙකු හදිසියේ මියයාම

මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු පසුගිය ඉරිදා (ජන. 08) හදිසියේ මියයාමත් සමඟ එම වාට්ටුව වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

එම වාට්ටුව ජීවානුහරණය කිරීමෙන් අනතුරුව නැවත විවෘත කළ බවත් එය AH1 N1ආසාදිත රෝගීන් සඳහා පමණක් වෙන්කළ බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.