වෙළඳපොළ ටෙන්ඩරයට ධීවරයෝ එරෙහි වෙති

Image caption හලාවත නගර සභාව ඉදිරිපිට රැස්වුණු ධීවරයෝ

හලාවත පොදු මත්ස්‍ය වෙළඳ පොළ පවත්වාගෙන යාම සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට හලාවත නගර සභාව ගෙන ඇති තීරණයට එරෙහිව ධීවරයෝ පිරිසක් අද (ජන. 17) විරෝධතාවක් දියත් කළහ.

මෙම උද්ඝෝෂකයන් ඉල්ලා සිටින්නේ ටෙන්ඩර් ක්‍රමයකින් තොරව හලාවත පොදු මත්ස්‍ය වෙළඳ පොළ නගර සභාව මගින් පාලනය කරන ලෙසටය.

හලාවත පොදු මත්ස්‍ය වෙළඳ පොළ ගැනුම්කරුවෙකුට ලබා දීම සඳහා ටෙන්ඩර් භාර ගැනීම අදට යෙදී තිබුණි.

Image caption නැවත වරක් ටෙන්ඩර් කැඳවීමට හලාවත නගර සභාව තීරණය කළේය

එහෙත් ටෙන්ඩර් භාර දීම සඳහා කිසිවෙකු නොපැමිණි අතර පස්වරු දෙකට ටෙන්ඩර් පෙට්ටිය මුද්‍රා තැබීම සිදුවිණි .

කිසිවෙකුගෙන් ටෙන්ඩර් පත්‍රයක් ලැබී නොතිබීම හේතුවෙන් නැවත වරක් ටෙන්ඩර් කැඳවීමට හලාවත නගර සභාව තීරණය කළේය.

මේ අතරතුර, තමන්ගේ ටෙන්ඩර් පත්‍රය භාරදීමට ඉඩ නොදෙමින් පිරිසක් බාධා කළ බවට හලාවත පොලිසියට යම් පුද්ගලයෙකුගෙන් පැමිණිල්ලක් ලැබී තිබේ.