කැබිනට්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාජිතගෙන් රතන හිමිට ප්‍රතිචාර

කොළඹ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එතරම් අවබෝධයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා බෙදුම්වාදයට පක්ෂ කණ්ඩායමක් මුල් වී කටයුතු කරන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

අද (ජන.18) කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.

GSP+ සහනය නැත ලබා දීම සඳහා යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි සහ හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම යන කරුණු සම්බන්ධයෙන් ද ඇමතිවරයා එහිදී අදහස් දැක්වීය.