'විදුලිය පිරිමහන්න' ජනාධිපතිගෙන් ඉල්ලීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන Image copyright president.gov.lk

ප්‍රචාරණ සහ අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට සහාය ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවලින් ඉල්ලා සිටියි.

ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ විදුලිබල අර්බුදයක් මතු වීමේ අවදානමක් පවතින බව පවසන ජනාධිපතිවරයා දැන් සිටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද පෙන්වා දෙයි.

ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර