නියඟයෙන් සහ වැස්සෙන් පීඩා

නියඟයෙන් බැට කන පුත්තලමේ ගොවීන් Image copyright STR

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේවන විට 676,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නියඟයෙන් මෙන්ම දැඩි වර්ෂාව හේතුවෙන් ද ජනතාව පීඩාවට පත්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (ජන.30) නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ප්‍රදේශ ගණනාවකට වැසි පතිත වුවත් තවමත් ලක්ෂ හයකට අධික පිරිසක් නියඟයෙන් පීඩා විඳින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

ත්‍රිකුණාමලය, ගම්පහ, මොනරාගල, අනුරාධපුර, යාපනය, රත්නපුර, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවලට නියං තත්වය බලපා තිබේ.

Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

දැඩි වර්ෂාව හේතුවෙන් මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජල ගැලීම් වාර්තා වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජල මූලාශ්‍රවලට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් ඇති වී තිබෙන පානීය ජල ගැටලුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට පත් වී සිටිති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර