vijitha2
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"මෛත්‍රීගේ කඩේ බඩු ෂුවර් නෑ කියල අපි කිව්වා"

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරීක්‍ෂණ නිමකර වරදකරුවන්ට දඬුවම් ලබාදීම වත්මන් ආණ්ඩු කාලය තුළ සිදුනොවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා මේබව කියාසිටියේ ලන්ඩන් නුවර බීබීසී මැදිරියේදී සාකච්ඡාවකට එක්වෙමිනි.

"අපි කිව්වා රාජපක්‍ෂ කඩේ වහල දාන්න, මෛත්‍රිපාල සිරිසේනගේ කඩෙත් බඩු ෂුවර් නැහැ කියල. ඒ කියපු දේ අද හරියටම හරි. ආණ්ඩුව හොරු අල්ලනවා වෙනුවට හොරු ආණ්ඩුව අල්ලලා තියෙන්නේ." යනුවෙන් ඔහු පැවසීය.

"එතකොට ආණ්ඩුව ඉවරයි"

බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනවල තත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා, "දඬුවම්කිරීමට නම් නීතිපතිවරයා හරහා උසාවියට ඉදිරිපත් කරලා උසාවියෙන් නියෝගයක් පැමිණිය යුතුයි. අවුරුදු දෙකක් දැන් ප්‍රමාද වෙලා තියෙනවා. දැන් පටන් ගත්තත් තව අවුරුදු දෙක තුනක් යනවා ඒක ඉවර වෙන්න. එතකොට ආණ්ඩුව ඉවරයි." යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

නව මැතිවරණ ක්‍රමය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා එහි සංශෝධන 58ක් කළ යුතු බව පවසද්දී එය ක්‍රියාත්මක කළ නොහැකි බවය.

මෙම කරුණු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය පිළිබඳව අදහස් දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා බීබීසී සමග කළ සම්පුර්ණ සාකච්ඡාව සඳහා ඉහත වීඩියෝව නරඹන්න.