"පළාත් සභාවලටත් විදේශ චාරිකා අවශ්‍යයි"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"පළාත් සභාවලටත් විදේශ චාරිකා අවශ්‍යයි"

  • 2017 පෙබරවාරි 1

විදේශ චාරිකාවල නිරතවී අත්දැකීම් උකහාගැනීමට ශ්‍රී ලංකාවේ අන් බොහෝ පුරවැසියන්ට මෙන්ම පළාත් සභා මැති ඇමැතිවරුන්ට ද අයිතියක් තිබෙන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.

මහ ඇමතිවරයා ඒ බව සඳහන් කළේ ලන්ඩන් නුවර බීබීසී මූලස්ථානයේදී බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සාකච්ඡාවකට එක්වෙමිනි.

පළාත් සභා මැති, ඇමතිවරුන්ගේ විදේශ සංචාර මහජන මුදල් නාස්තියක් බවට 'වැරදි මතයක් සමාජගත වී ඇති' බව පවසන මහ ඇමති ඉසුර දේවප්‍රිය, තමන් මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපති පදවිය දරන අවස්ථාවේ ඉන්දීය සංචාරයක යෙදී ලබාගත් අත්දැකීම් ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘති වෙනුවෙන් යෙදවූ බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමි පළාත් සභාවල ප්‍රතිපාදන කප්පාදු කරමින් 'දේශපාලන කප්පාදුවක්' ක්‍රියාත්මක කරන බවට ඔහු මුදල් ඇමැතිවරයාට ද චෝදනා කළේය. (සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න)

සබැඳි විෂයයන්