ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අනගි පිති හරඹයක්

  • 2017 පෙබරවාරි 8
Image caption ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටියට

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර බදාදා (08)කොළඹ එන්.සී.සී.ක්‍රීඩාංගනයේ පැවැත්වුන තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

මෙවර ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පූර්ව සුදුසුකම් තරඟ මේදිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාදනී වීරක්කොඩි සහ ඩිලානි මනෝදරා අර්ධ ශතක වාර්තා කරනු ලැබීම කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු විය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර් පනහේ දී කඩුලු අටක් දැවී ලකුණු 239 ක් වාර්තා කළ අතර අයර්ලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වුනේ ලකුණු 93 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නියන් විසින් ඉටුකරන ලද කාර්යභාරය කැපී පෙනෙන මට්ටමක විය.

මේ අනුව ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 146 ක ජයක් හිමිවිය.