පාකිස්තාන අධිකරණ සංකීර්ණයකට ප්‍රහාරයක්

  • 2017 පෙබරවාරි 21
Image copyright Reuters
Image caption නීතිඥයන් සහ අධිකරණ සංකීර්ණයේ කාර්යමණ්ඩලය එදිනට අදාළ කටයුතු සඳහා ගොඩනැගිල්ල තුළ රැස්වී සිටියදී ප්‍රහාරය එල්ලවිය

සන්නද්ධ කණ්ඩායමක් විසින් අධිකරණ සංකීර්ණයකට එල්ල කරනලද ප්‍රහාරයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගිය බව වයඹදිග පකිස්තාන බලධාරීහු පවසති.

ටන්ගි නගරයෙන් ලැබෙන තොරතුරු අනුව ප්‍රහාරකයන් තිදෙනෙකු වෙඩිතබමින්, බෝම්බ ප්‍රහාර එල්ලකරමින් අධිකරණයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවීමට උත්සාහකරද්දී ආරක්ෂක හමුදා ප්‍රතිප්‍රහාර වලට ලක්වී ඇත.

සිද්ධිය ඇසින් දුටුවකු පවසන්නේ එක් ප්‍රහාරකයෙකු බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගත් අතර තවත් අයෙකු වෙඩිතබා මරා දමන ලද බවය.

තුන්වැනි ප්‍රහාරකයා මියගියේද නැද්ද යන්න පිළිබඳව තවමත් තහවුරුවී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර