විජය ගැන ප්‍රතිවාදී රනිල්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විජය ගැන ප්‍රතිවාදී රනිල්

  • 2017 පෙබරවාරි 22

1983 ජාතිවාදී කෝලාහලවලින් පසු තමන් සිරගත කළ ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය යොදාගෙන දේශපාලනය කිරීමට හැකිවුවත් විජය කුමාරතුංග එසේ නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහුගේ වෙනස එය බව විජය කුමාරතුංග 29 වෙනි ගුණසමරු උත්සවය අමතමින් අගමැතිවරයා කියා සිටියේය.

"නමුත් 83 කෝලාහලයෙන් පසුව එතුමා ආණ්ඩුවට දොස් කිව්වා . ඇයි එතුමා ආණ්ඩුව විවේචනය කළේ? රටේ මිනිසුන්ගේ ජීවිත බේරා නොගැනීමේ වරදටයි" යැයි පෙන්වාදුන් අගමැතිවරයා විජය කුමාරතුංග ඇතුළු ඔහුගේ කණ්ඩායම රටේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා පෙනී සිටි බව සඳහන් කළේය.

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් දීමේ උත්සාහයට සහය දීමට එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් ඇමැතිවරු බියවී සිටි අවස්ථාවේදී විජය කුමාරතුංග ඉදිරියට පැමිණි බව ද සඳහන් කළ අගමැතිවරයා, එම තීරණය හරහා අවසානයේදී ඔහුගේ ජීවිතය අහිමි වු බව පෙන්වාදුණි.