රැඳවියෙකු මරුට; පොලිසියේ පහක් අත්අඩංගුවට

  • 2017 පෙබරවාරි 26
Image caption සංරක්‍ෂිත ඡායාරූපයකි

පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකු මියයාමේ සිද්ධියකට අදාළව පෑලියගොඩ පොලිසියේ නිලධාරියෙකු සහ කොස්තාපල්වරුන් හතරදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශය විසින් ප්‍රශ්නකිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

ඔහුට පහරදී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සංදේශයට පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරුන් හතර දෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට භාජනය කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවය.