මෝටර් රථ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මගේ වාහනේ ණයට ලබා ගත් එකක් - එරාන්

  • 2017 මාර්තු 8

අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් 'සාධාරණව' සිතා බැලිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් දොළොස් දෙනෙකු සඳහා මෝටර් රථ මිලදී ගැනීම පිණිස රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් වෙන් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (මාර්තු 07) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණු බව ජාතික පුවත්පත් වාර්තා කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියා සිටියේ ඇතැම් අලුත් අමාත්‍යංශවල ප්‍රයෝජනය සඳහා මෝටර් රථ නොමැති බවය.

ලක්ෂ 400 කට ආසන්න විශාල මුදලක් ගෙවා ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එම මුදලෙන් වැඩි කොටසක් බදු සඳහා වැයවන බවය.

අද (මාර්තු 08) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අවශ්‍ය පමණට මෝටර් රථ තිබෙන අමාත්‍යංශ සඳහා නැවත වාහන මිලදී නොගත යුතුය යන්න සිය විශ්වාසය බව සඳහන් කළේය.