ඒකාබද්ධ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොලිස් රාජ්‍ය පාර්ලිමේන්තුවටත් - ඒකාබද්ධ විපක්ෂය

  • 2017 මාර්තු 8

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පළ කරති.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන විමල් වීරවංශ ඇතුළු එහි සාමාජික මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කළ නොහැකි බව කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කිරීමත් සමග අද (මාර්තු 08) පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.

එහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන් ඔහුට සභා ගර්භයෙන් ඉවත්වන ලෙස කථානායකවරයා නියෝග කළේය.

එම නියෝගය නොතකා කටයුතු කිරීම මත ඔහුට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තු සභා නායක ලක්ෂමන් කිරිඇල්ල ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 63 කින් සම්මත විය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.