"මහනුවර වායු දූෂණය කොළඹ වගේ සිව් ගුණයක්"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"මහනුවර වායු දූෂණය කොළඹ වගේ සිව් ගුණයක්"

  • 2017 මාර්තු 13

ඓතිහාසික මහනුවර නගරයේ පවතින අධික වායු දූෂණය හමුවේ මුඛවාඩම් පැළඳීම යෝග්‍ය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සම්මාණිත මහාචාර්ය ඕ.ඒ ඉලේපෙරුම පවසයි.

දිනකට මහනුවර නගරය තුළට රථවාහන ලක්ෂයක් පමණ ඇතුළුවන බව කී ඔහු එහි පවතින වායු දූෂණය කොළඹ නගරයට වඩා හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි බව කියා සිටියේ පර්යේෂණ වාර්තා උපුටා දක්වමිනි.

දූෂිත වායු ආඝ්‍රාණය කිරීම හේතුවෙන්, අධික ලෙස දුම්පානය කරන පුද්ගලයන්ට වැළඳෙන කල්ගත පුප්පුශිය පෙනහලු රෝගය (COPD) වැළඳුණු පාසල් ළමුන් වැඩි වශයෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව මහනුවර මහ රෝහලෙන් දැනගැනීමට ලැබුණු බව ද සම්මාණිත මහාචාර්යවරයා සඳහන් කළේය.

වැඩි විස්තර: මහනුවර වායු දූෂණය: "මුඛවාඩම් පැලඳීම යෝග්‍යයි"