පේරු
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මරු පැරදූ කතක්

  • 2017 මාර්තු 17

අසාමාන්‍ය ලෙස පැවති ධාරානිපාත වර්ෂාව හමුවේ පේරු රාජ්‍යයේ ලිමා අගනුවර ස්ථාන ගණනාවක නාය යෑම් වාර්තා වේ.

අගනුවර ආසන්නයේ ගංගා දෙකක් පිටාර ගලා ඇති අතර පාසල් සහ මාර්ග ගණනාවක් වසා දමා තිබේ.

මඩ සහිත සුළියකට හසු වූ කාන්තාවක් ඉන් බේරී ආරක්‍ෂිත ස්ථානයක් කරා ළඟාවන ආකාරය දැක්වෙන දර්ශන කැමරාවක සටහන් විය.

රෝහල වෙත රැගෙන යනු ලැබූ තිස් දෙහැවිරිදි එවන්ජලිනා චමරෝ ඩියස් ගේ තුවාලවලට ප්‍රතිකාර ලබා දී ඇති අතර ඇයගේ සෞඛ්‍ය තත්වය අයහපත් නොවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.



පසුගිය දෙසැම්බරයේ සිට පවතින අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ගංවතුරට හසු වී මෙතෙක් හැටදෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.

ශාන්තිකර සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය ඉහළ යෑම වර්ෂා සහිත කාලගුණයට හේතු වී ඇති බව පවසන කාලගුණ විද්‍යාඥයෝ එම තත්වය තවත් සති දෙකක කාලයක් පවතිනු ඇති බවට අනාවැකි පළ කරති.