උත්තර් ප්‍රදේශ් මහඇමති පදවිය හින්දු සාධුවරයකුට

Yogi Adityanath Image copyright Getty Images

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තයවන උත්තර් ප්‍රදේශ්හි මීළඟ මහඇමතිවරයා වශයෙන් විවාදයට ලක්ව ඇති හින්දු පූජකයෙකු පාලක භාරතීය ජනතා පක්ෂය විසින් තෝරා ගනු ලැබ ඇත.

නව මහඇමති යෝගී ආධිත්‍යනාත් විවාදාත්මක සහ මුස්ලිම් විරෝධී දේශකයකු හැටියට ප්‍රසිද්ධියක් උසුලයි.

පසුගියදා පැවති උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත් කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.

භාවිතයට ගැනෙමින් තිබුණ ඉහළ වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු අවලංගු කිරීමට ගත් මතභේදාත්මක තීන්දුවෙන් අනතුරුව භාරතීය ජනතා පක්ෂය ලැබූ එම ජයග්‍රහණය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ජනමත විචාරණයක් ලෙස සැලකේ.

මහඇමතිවරයා වශයෙන් යෝගී ආධිත්‍යනාත් තෝරා ගැනීමට ගත් තීන්දුව ප්‍රාන්තයේ බොහෝ මුස්ලිම්වරුන්ගේ කණස්සල්ලට හේතුවනු ඇතැයි වාර්තාකරුවෝ පවසති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර