ලේකම් බටගොඩ අත්අඩංගුවට ගන්න - අධිකරණය

  • 2017 මාර්තු 22
Image copyright AP

සාක්‍ෂි දීම සදහා අධිකරණයේ පෙනී නොසිටි විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ඩිඑම්එස් බටගොඩ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවරා තිබු දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාග දෙකකට අදාලව සාක්‍ෂි දීම සදහා අද (22) දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා අමාත්‍යංශ ලේකම්වරයා වෙත අධිකරණය මීට පෙර සිතාසි නිකුත් කර තිබුණි.

එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි ලේකම්වරයා, ඔහු වෙනුවෙන් නියෝජිතයෙකු එවා තිබුණි.

එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සාක්කි දීම සඳහා ඩීඑම්එස් බටගොඩ ලේකම්වරයා අධිකරණයේ පුද්ගලිකව පෙනී සිටීම අවශ්‍ය බවය.

වැඩිදුර නඩු විභාගය ජුනි මස 06 වෙනි දිනට කල් තැබුණි.