ජිනීවා යෝජනාව රට පාවාදීමක් - මහින්ද
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජිනීවා යෝජනාව රට පාවාදීමක් - මහින්ද

ශ්‍රී ලංකාවේ යුද්ධය හා සම්බන්ධ චෝදනා විභාග කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් පියවර ගැනීම උදෙසා පියවර ගැනීම සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස තවත් වසර දෙකක කාලයක් ලබාගැනීම රට පාවාදීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය බ්‍රහස්පතින්දා ඡන්ද විමසීමකින් තොරවම සම්මත කළේය.

"ඒක සම්පූර්ණ වැරදි වැඩක්. මේ ආණ්ඩුවට මේක ඉල්ලා අස්කර ගන්න තිබුණා," හිටපු ජනාධිපතිවරයා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ බව සඳහන් කළේ ජනාධිපතිවරණය අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවට ලබා දුන් වෙළඳ දැන්වීම්වලට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වියදම් කිරීම සම්බන්ධ වගකීම තමන්ට භාරගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ බැවින් එහිදී මුදල් අවභාවිතයක් සිදු වී තිබෙන්නේ නම් පක්ෂය එහි වගකීම භාරගත යුතු බව ඔහුගේ ස්ථාවරයයි.

මුදල් 'අවභාවිතයක්'

ITN නාලිකාවට ලබා දුන් වෙළඳ දැන්වීම් සඳහා මුදල් නොගෙවීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මීට ඉහතදී කොමිෂන් සභාව ඉදිරියට කැඳවා තිබුණි.