විමල් උපවාසය අත්හරී
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විමල් උපවාසය අත්හරී

  • 2017 මාර්තු 30

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සතියකට අධික කාලයක් නිරතවුණු උපවාසය මහා සංඝරත්නයේ ඉල්ලීම් පරිදි අතහැර දැමීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

කොළඹ ජාතික රෝහලේදී මාධ්‍යට මේ බව දැන්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා, "මහා සංඝරත්නය විරවංශ මන්ත්‍රීවරයාට දැනුම්දී සිටියා, එතුමා මිය ගිහින් මේ රටට කරන සේවයට වඩා වැඩි සේවයක් එතුමාට ජිවත් වෙලා කරන්න පුළුවන්, ඒ නිසා මේ උපවාසය අත්හරින්න කියලා" යැයි කියා සිටි අතර කිරි වීදුරුවක් පානය කොට විමල් විරවංශ මන්ත්‍රීවරයා උපවාසය අත්හළ බව සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවලදී කරන සැම දේම සාර්ථක නොවන නමුත් එයින් රටට පණිවිඩයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බීබීසී කළ විමසීමකදී පැවසීය.