බස් රථයකට මින්පසු සේවකයෝ 4.5යි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"බස් රථයකට මින්පසු සේවකයෝ 4.5යි"

  • 2017 අප්‍රේල් 4

කුමන ඇමතිවරයෙකු පත්වුවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටදේශපාලන පත්වීම් ලෙස සේවකයන් පිරවීමට නොහැකිවන පරිදි නීති සකස්කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන පවසයි.

ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹදී පැවැත්වෙන තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය අතරතුර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි.

2015 වසරේ ශ්‍රී ලංගමේ බස් රථයකට සේවකයන් 7 දෙනෙකු සිටි බව පැවසූ සහපතිවරයා මින් පසු එම සේවක සංයුතිය බස්රථයකට සේවකයන් 4.5ත් - 4.75ත් අතර ප්‍රමාණයක් වනු ඇති බව පෙන්වා දුන්නේය.

Image caption ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන

"අපි සහ මහා භාණ්ඩාගාරය සාකච්ඡා කරපු සේවක සංයුතියක් හදලා තියෙනවා, කවුරු ඇමති වුනත් ඉදිරි කාලයේදී සේවකයන් පුරවන්න හැදුවත්, ඒ සේවක සංයුතියෙන් පිටතට යන්න බැහැ"

ස්වේච්ඡා සේවක විශ්‍රාම යාමේ වැඩපිළිවෙල යටතේ මේවන විට සේවකයන් විශ්‍රාම යාමත් සමග සේවක සංඛ්‍යාව 30,000 දක්වා අඩුකරගැනීමට හැකිව ඇති බව ඔහු පැවසුවේය.

රජයට සහ මහා භාණ්ඩාගාරයට බරක් නොවී මෙම ආයතනය පවත්වාගෙන යාම තම අරමුණ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන වැඩි දුරටත් කියා සිටියේය.

ඉදිරි වසර පහ තුළ නව වායුසමීකරණය කළ සුඛෝපභෝගී බස් රථ 500ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බව පැවසූ ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන CCTV හා GPS තාක්ෂණය යොදා ගෙන බස් රථ සේවය කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පෙන්වා දුන්නේය.