'අලුත් අවුරුද්දට පෙර නියං ආධාර'

  • 2017 අප්‍රේල් 8
මෛත්‍රිපාල සිරිසේන Image copyright Maithripala Sirisena/FB

නියඟය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන හත්දහසකට අධික මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවට පෙර එම මුදල් විපතට පත් ජනතාවගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ අද (අප්‍රේල් 08) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියස පැවති ජාතික අලුත් සහල් මංගල්‍ය උළෙල අමතමිනි.

නියඟයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මින් පෙර පැවති කිසිදු ආණ්ඩුවක් විසින් ක්‍රියාවට නංවා නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරු මැද සහ උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජල ගැටලුවට පිළියමක් වශයෙන් වසර පහක් වැඩකටයුතු ඇණහිට තිබූ මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ බවත් ජනාධිපතිවරයා පැවසීය.

එම ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්ත කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය ලබාදීම සඳහා තවත් වැව් දහසක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර