මීතොටමුල්ල
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීතොටමුල්ල: බේරා ගැනීමේ දිවා රෑ මෙහෙයුම්

  • 2017 අප්‍රේල් 14

නාය යාමට ලක් වූ කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද යට තවමත් බොහෝ දෙනෙකු සිර වී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳව මෙතෙක් සනාථ වූ තොරතුරැ ලැබී නැති බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අඛණ්ඩව බේරාගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටින බව කියා සිටියි.

එම ස්ථානයට සෙනග රැස්වීම සහන මෙහෙයුම්වලට බාධාවක් බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, එබැවින් එහි රැස්වීමෙන් වලකින මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අනතුරට ලක්වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලීම සහ සහන සේවා ඇතුළු ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව විමසීම පිණිස 117 දුරකථන අංකය දිගටම ක්‍රියාත්මක වේ.

කුණු කන්දේ හටගත් ගින්න නිවා දැමීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබේ.

මේ අතර කුණු කන්ද ඉවත්කරගන්නා මෙන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව පවසන ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර්, ඒ සඳහා සැබෑ වුවමනාවකින් කටයුතු නොකළ බවට ආණ්ඩුවට චෝදනා කරයි.