මීතොටමුල්ල නාය යාම: 'වන්දි ගෙව්වට නැතිවුණ ජීවිත ලැබෙනවද?'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීතොටමුල්ල: “වන්දි ගෙවුවම නැතිවුණ ජීවිත ලැබෙනවද?”

  • 2017 අප්‍රේල් 16

නාය යාමෙන් විස්සකට අධික පිරිසක් මරුමුවට පත්වීමෙන් අනතුරුව ආණ්ඩුව ගෙවන වන්දිවලින් තමන්ට අහිමි වූ ජීවිත ආපසු ලැබෙන්නේ දැයි කොළොන්නාවේ මීතොටමුල්ල වැසියෝ ප්‍රශ්න කරති.

කුණු කන්ද ඉවත්කරගන්නා මෙන් වසර ගණනාවක් මුළුල්ලේ තමන් කළ ඉල්ලීම්වලට වත්මන් පාලනයේ මෙන්ම පැවති රාජපක්ෂ පාලනයේද ප්‍රතිචාරය වූයේ සිය උද්ඝෝෂණ මර්ධනය කිරීම බවත් නිහාල් ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

අක්කර දෙකක කුණු ගොඩගසන බව පවසමින් කුණු දැමීම ආරම්භ කළ බව පවසන ඔහු, එය දැන් අක්කර 17 ක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් සඳහන් කළේය.

අමු මස් කැබලි, අතුනු බහන් ඇතුළු කුණු එහි ගොඩ ගසන බැවින් දරුවන් විවිධ රෝගාබාධාවලින් පෙළෙමින් සිටි බව මීතොටමුල්ල ප්‍රදේශවාසියකු වන ඒ ජී ස්වර්ණලතා පැවසීය.

ප්‍රදේශයේ දරුවන් විශාල පිරිසක් තවමත් පස් යට කොටු වී සිටින බව තවත් මීතොටමුල්ල ප්‍රදේශවාසියකු වන ප්‍රේමලතා වේදනාබරව සඳහන් කළාය.

මීතොටමුල්ල කුණු කන්ද වසා දමා කුණු වෙනත් ස්ථාන දෙකකට ගෙනයාමට තීරණය කරන ලද බවත් ආණ්ඩුව නිවේදනය කර තිබේ.