water
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බොර දියෙන් බැටකන ජනතාවක්

  • 2017 අප්‍රේල් 26

මාස කිහිපයක සිට තමන් උග්‍ර ජල ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව හලාවත කාවාටියාවත්ත, දැදුරුඔය, වැල්ල ඇතුළු ප්‍රදේශ කීපයක ජනතාව චෝදනා කරති.

ඇතැම් ස්ථානවලට සැපයෙන නල ජලය දුඹුරු පැහැති වී ඇති අතර තවත් ප්‍රදේශ කිහිපයකට කොහෙත්ම ජල සැපයුමක් සිදු නොවන බව ඔවුහූ පැවසුහ.

ප්‍රදේශවාසී ජනතාව පවසන්නේ මඩ මිශ්‍ර ජලය පෙරීමකින් තොරව බෙදා හැරෙන බවය.

"යකඩ මිශ්‍රවීම"

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී හලාවත ජල සම්පාදන යෝජනා ක්‍රමය භාර ඉංජිනේරු අරුණ ශාන්ත රන්දෙනිය ප්‍රකාශ කළේ යකඩ මිශ්‍රවීම හේතුවෙන් මෙම ජලය අවපැහැගැන්වී ඇති බවය.

හලාවත පැවති ජල ගැටළු රැසකට විසදුම් ලබා දී ඇති නමුත් පවතින නියඟය හේතුවෙන් ජල මූලාශ්‍ර රැසක් මේවන විට සිඳීගොස් ඇති හෙයින් ප්‍රදේශ කීපයකට අවපැහැ ජලය බෙදා හැරීම සිදු වන බව ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රදේශවාසීන් මේ පිළිබඳව දක්වන අදහස් ඇතුළත් වීඩියෝ පටය ඉහතින් අමුණා ඇත.