සංක්‍රමණික යාත්‍රාව: "ආගමික ගැටුම් නිසා මියන්මාරයෙන් පළා ආ පිරිසක්"

  • 2017 අප්‍රේල් 30
This picture taken on June 11, 2016 shows migrants from Sri Lanka on board a boat off the coast of Banda Aceh. Dozens of Sri Lankan immigrants bound for Australia were stranded off Aceh in northwest Indonesia after their boat broke down, local officials said on June 12. / AFP / CHAIDEER MAHYUDDIN (Photo credit should read CHAIDEER MAHYUDDIN/AFP/Getty Images) Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් කන්කසන්තුරය මුහුදු කලාපයේ දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ කියා සිටියේ දරුවන් ඇතුළු මියන්මාර ජාතිකයන් තිස් දෙනෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු එම යාත්‍රාවේ සිටි බවය.

එම පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව පොලිසිය වෙත භාර දුන් බව කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ අතර සිටින දරුවන් දාසය දෙනාම අවුරුදු නවයට අඩු වයසේ පසු වන බව සඳහන් කළේය.

"එක දරුවෙකුගේ වයස දවස් පහළොවයි. කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් කටයුතු කරනවා" යනුවෙන් ඔහු කියා සිටියේය.

"ආගමික ගැටුම්"

මියන්මාරයේ පවතින "ආගමික ගැටුම්" හමුවේ ඉන්දියාවට පළා ආ එම සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කොට ඇති බව කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මීට සිව් වසරකට පෙර ඔවුන්ට ඉන්දියාවේ දේශපාලන රැකවරණ ලැබී ඇති බවත් සඳහන් කළේය.



කෙසේ නමුත් ශ්‍රී ලංකා පොලිසිය විසින් සංක්‍රමණිකයන් පිරිසට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගනු ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර