basil
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නේ නැහැ - බැසිල්

  • 2017 මැයි 4

තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේබව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමිනි.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපපක්ෂ යන දෙදෙනාම ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අය වෙති.

ගෝඨාභය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීම වළක්වා තිබේ.

ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි බීබීසීය විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය.

තමන්ට හා මහින්ද රාජපක්ෂට මැතිවරණ සඳහා තරග කිරීම වැළැක්වීමේ අරමුණින් 19වැනි සංශෝධනය සම්මත කරගත් බව ඔහු ප්‍රකාශ කළේය.

එමගින් කිසිදු ජනාධිපති බලතලයක් අඩු නොවුණු බවද ඔහු පවසයි.

බැසිල් රාජපක්ෂ සමඟ කළ සම්පුර්ණ සංවාදය https://www.facebook.com/BBCSinhala/videos/819604208197329/ නරඹන්න.