'දකුණු ආසියානු චන්ද්‍රිකාව': ශ්‍රී ලංකාවෙන් සුභ පැතුම්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දකුණු ආසියානු චන්ද්‍රිකාව': ශ්‍රී ලංකාවෙන් සුභ පැතුම්

  • 2017 මැයි 6

සාක් කලාපීය සාමාජික රටවල ප්‍රයෝජනය සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම පිළිබඳව එයට එක් වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය අගමැතිවරයා වෙත සුභ පැතුම් පළ කළේය.

"සාක් කලාපීය සාමාජික රටවල් වෙනුවෙන් දකුණු ආසියානු චන්ද්‍රිකාව දියත් කළ මේ ඓතිහාසික මොහොතේ ඔබට සුබ පැතීමට ලැබීම මා ලද ගෞරවයක්," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ශ්‍රී ලංකාව ඇතුළු සිය අසල්වැසි රටවල් සමග හවුලේ භාවිත කළ හැකි 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' ඉන්දියාව විසින් ඊයේ (මැයි 05) අභ්‍යවකාශ ගත කරනු ලැබීය.

චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කිරීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කිරීම සඳහා දකුණු ආසියානු රටවල නායකයෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග වීඩියෝ සංවාදයකට එක් වූහ.

වැඩි විස්තර සඳහා: දකුණු ආසියානු චන්ද්‍රිකාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර