ගොඩනැගිල්ලක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටී අයෙක් මරුට

  • 2017 මැයි 18

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත් වී තිබේ.

තවත් අයෙක් අතුරුදහන්ව ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසයි.

අනතුරට ලක් වී තවත් විසි තුන් දෙනෙක් තුවාල ලැබූහ.

කඩා වැටී ඇත්තේ හෝටල් ගොඩනැගිල්ලක ඉදිකෙරෙමින් පැවති කොටසකි.

ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටි සහ උත්සව ශාලාවේ සේවයේ නිරතව සිටි පිරිසක් තුවාල ලැබූවන් අතර සිටින බව පොලිසිය පවසයි.

සබැඳි විෂයයන්