කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා නායයාම්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා නායයාම්

  • 2017 මැයි 26

බුලත්සිංහල කොබවක කොබෝවිල කන්ද නාය යාමෙන් නිවාස තුනක සිටි සිව්දෙනෙකු අතුරුදහන්වී ඇති අතර, අගලවත්ත වෙයන්ගල්ල ප්‍රදේශයේද නාය යාමකින් පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදහන්වී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

අගලවත්ත ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන් වූ 9 දෙනාගේ සිව් දෙනකුගේ මළ සිරුරු සොයාගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසියෙකුවන එම් සහරාන් බීබීසී යට ප්‍රකාශ කළ අතර ඉතිරි පිරිස සොයා ගැනීමට ප්‍රදේශයේ තරුණයන් විශාල වෙහෙසක් දරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.