චැම්පියන්ස් කුසලානය: ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම ගැන සනත්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චැම්පියන්ස් කුසලානය: ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම ගැන සනත්

චැම්පියන්ස් කුසලානය සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (ජුනි 03) තරග වැදීමට නියමිතය.

තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුන් ඉරියව්වෙන් දක්ෂතා පෙන්වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති හිටපු නායක සනත් ජයසූරිය පැවසීය.

පන්දු රැකීමේ දුර්වලතා මගහරවා ගනිමින් දක්ෂතා අතරට පැමිණීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මාසයක පමණ කාලයක් ඒ වෙනුවෙන් මහන්සි වී කටයුතු කළ බවත් ඔහු පැවසීය.

2002 වසරේ පැවති චැම්පියන්ස් ශූරතාවලියේ සම ශූරයන් බවට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ අතර එම කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලැබුවේ සනත් ජයසූරිය විසිනි.

එම ජයග්‍රහණය පිළිබඳව ද ඔහු අදහස් පළ කළේය.

සබැඳි විෂයයන්